Jump to content

මුල් පිටුව

විකිපීඩියා වෙතින්
ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 25,065 කි.

විශේෂාංග ලිපිය

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.

දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

ඔබ දැන සිටියාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

වෙන්වීමෙන් පසු සේවා මොඩියුලය
වෙන්වීමෙන් පසු සේවා මොඩියුලය
  • ...ඇපලෝ 13 මෙහෙයුම අතරතුර සේවා මොඩියුලයේ වූ පිපිරීමක් (සේයාරුව) හේතුවෙන් සඳ මත ගොඩබෑම නවතා දැමීමට සිදු වූ බවත්, ගගනගාමීන් තිදෙනා ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒම සඳහා එහි චන්ද්‍ර මොඩියුලය ජීවිතාරක්ෂක බෝට්ටුවක් ලෙස භාවිතා කළ බව?
  • ...ලිනස් ටොවල්ඩ්ස්ට නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • පුවත් බිඳක්

    ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළ
    ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළ

    අතීතයේ අද වැනි දිනෙක ...

    මාර්තු 20: ටියුනීසියාවේ නිදහස් දිනය (1956)
    ඇල්බට් අයින්ස්ටයින්
    ඇල්බට් අයින්ස්ටයින්
  • 1854එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන රිපබ්ලිකන් පක්ෂය පිහිටුවනු ලැබෙයි.
  • 1861ආර්ජන්ටිනාවේ මෙන්ඩෝසා පළාතේදී ඇතිවූ භූමිකම්පාවකින් 6,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1916ඇල්බට් අයින්ස්ටයින් (සේයාරුව) විසින් සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය ප්‍රකාශයට පත් කරයි.
  • 1969ඊජිප්තුවේ අස්වාන් ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2003ඉරාක යුද්ධය: එක්සත් ජනපදය ඇතුළු රටවල් ඉරාකය ආක්‍රමණය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරයි.
  • 2012ඉරාකයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 52 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 19මාර්තු 20මාර්තු 21

  • විශේෂාංග පින්තූරය

    අනුරාධපුරයෙන් ඇරඹි ශ්‍රී ලංකාවේ රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව රාජධානියයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් රාක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි.

    ඡායාරූපය: Chindemaya

    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියා සොයුරු ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    Wikisource විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikinews විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    Wiktionary වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooks විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquote විකිකියමන්
    උපුටා දැක්වීම්
    Wikispecies විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikiversity විකිව'සිටි
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikivoyage විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    commons කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikidata විකිදත්ත
    දැනුම් සංචිතය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Meta-Wiki මෙටා-විකි
    සම්බන්ධීකරණය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    MediaWiki මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    විකිපීඩියා භාෂාවන්

    මෙම විකිපීඩියාව සිංහල ලියා ඇත. බොහෝ වෙනත් විකිපීඩියා තිබේ; විශාලතම ඒවායින් සමහරක් පහත ලැයිස්තුගත කර ඇත.

    "https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව&oldid=667040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි